hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 27, ප.ව. 2:33


සමාජ ක්‍රියාකාරී පියත්ට ලැබුණු අධිකරණ නියෝගය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26) සමාජ මාධ්‍ය සිවිල් ක්‍රියාකාරී පියත් නිකේෂලව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළවයි.

කෙසේ වෙතත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (27) ඔහුට ඇප නියම කළ අතර විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කළ බවයි වාර්තා වන්නේ.