hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2023 ජූනි 28, ප.ව. 8:23



රජයේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) හා ජාතික රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය නාළිකා දෙකෙහි සභාපතිවරුන් ඉල්ලා අස්වී තිබෙනවා.

එම තනතුරු වෙනුවෙන් නව සභාපතිවරු දෙදෙනෙකු පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා

අනුෂ පැල්පිට මහතා ලේක්හවුස් සභාපති, කළමනාකරණ අධ්‍යක්ෂ ධූරයෙන් අද (28) ඉල්ලා අස්වන බවට තොරතුරු වාර්තා වෙනවා.

අනුෂ පැල්පිට මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත යොමුකර ඇති අතර ජාතික රූපවාහිනී සභාපති ඩබ්ලිව්. බී. ගනේගල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද දින බාරදීමට නියමිත බවද වාර්තා වෙනවා.

ජාතික රූපවාහිනි සභාපති ලෙස ලංකාබෙල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ප්‍රසාද් සමරසිංහ මහතා සහ ලේක්හවුස් ආයතනයේ සභාපති ලෙස මහා­චාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා පත්කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වෙනවා.