hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2023 ජූනි 29, පෙ.ව. 4:12



වැල්ලම්පිටිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඩුබායි ධනුෂ්ක නැමැත්තා සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු අතර ඇතිවන බව කියන දුරකතන සංවාදයක හඬපටයක් මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

අදාල අපරාධ කල්ලි සාමාජිකයා, උප පොලිස් පරීක්ෂකවරයාට බැණ තර්ජනය කරන ආකාරයද එහි දැක්වෙනවා.

එම දුරකථන සංවාදය පහතින්,

ජාවාරම්කරු – හෙලෝ විරාජ් මහත්තයද?

පොලිස් නිලධාරියා – කවුද මේ?

ජාවාරම්කරු – සර් මම ධනුෂ්ක කතා කරන්නේ, ධනුෂ්ක. 

පොලිස් නිලධාරියා – ආහ්… කියන්න ධනුෂ්ක. 

ජාවාරම්කරු – මට ඉතින් මේ, සර්ලා හම්බකරන් කන්න දෙන්නේ නැහැ කියලා ආරංචියක් ආවා. ඒක ඇත්තද?

පොලිස් නිලධාරියා – අනවශ්‍ය වැඩ කරනවනේ,ඒකනේ.