2023 ජූනි 30, පෙ.ව. 1:16
දකුණු පළාතේ පාසල්වල විදුහල්පති තනතුරේ පුරප්පාඩු 323ක් පවතින බව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතා පවසනවා.
විදුහල්පතිවරුන් 1523 දෙනෙකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ විදුහල්පතිවරුන් 978 දෙනෙකු බවද ආණ්ඩුකාරවරයා පෙන්වා දෙනවා.
මෙම පාසල්වල විදුහල්පති තනතුරු සදහා වැඩ බලන විදුහල්පතිවරු පත්කොට ඇති බව පවසන දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අධ්‍යාපන නිලධාරින්ගේ පුරප්පාඩු 60ක් පමණ පවතින බවද හෙතෙම පවසනවා.
අධ්‍යාපන නිලධාරින් 223 දෙනෙකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ අධ්‍යාපන නිලධාරින් 174 දෙනෙකු බවද ආණ්ඩුකාරවරයා සදහන් කළා.
අධ්‍යාපන අමාත්‍යංශය මගින් ග්‍රේණිධාරි විදුහල්පතිවරු පත්කොට පළාත් සභාව වෙත මුදා හැරියහොත් විදුහල්පති පුරප්පාඩු වි ඇති පාසල් සදහා එම විදුහල්පතිවරුන් පත්කළ හැකි බවද ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා වැඩිදුරටත් සදහන් කළා.
ගාල්ල – ලලිත් චාමින්ද
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:07