hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූනි 30, ප.ව. 7:13



දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය අද (30) පැවති රජයේ මුදල් කාරක සභා රැස්වීමේදී සමාජිකත්වයේ බහුතර කැමැත්ත මත අනුමත වුණා.

ඊයේ (29) පැවති රැස්වීමේ පළමු අර්ධයේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නියෝජනය කරන ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූවා.

රැස්වීමේ දෙවන භාගයේදී බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය අරමුදල් සහ ආයතන හිමියන් සමඟ සාකච්ඡා සිදුකළා.

පැවැත්වූ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව, සංශෝධනවලට යටත්ව යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමතිය ලබා දීම සිදුවුණා.

මුදල් රාජ්‍ය අමාත්‍ය, ෂෙහාන් සේමසිංහ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කාරක සභා සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මීට එක්ව සිටියා.