2023 ජූලි 03, පෙ.ව. 1:10
මෙරට නිර්වින්දන වෛද්‍යවරුන් එකසිය හැත්තෑ දෙනෙකු ශ්‍රී ලංකාව අතහැර එංගලන්තයේ සේවය සඳහා ගොස් ඇතැයි වාර්තා වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ විදේශීය පුහුණුව නිමවා මෙරටට පැමිණි විශේෂඥ වෛද්යවරුන් 323 දෙනෙකුගෙන් 160 දෙනකුද පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා විදේශ රටවල සේවය සඳහා ගොස් ඇති බවයි.
මෙම වෛද්‍යවරුන්ගේ පිරිසක් අසාදු ලේඛනයට ද ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම වෛද්‍යවරුන් බොහෝ දෙනකු විදේශගත වන්නේ ආර්ථික ගැටලු හා ඔවුන් ගේ දරුවන් විදේශ රටවල ඉගෙනුම ලබන වියදම පියවා ගැනීම සඳහා මුදල් සොයා ගැනීමට බවද දැනගන්නට තිබෙනවා.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12