hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 ජූලි 04, පෙ.ව. 1:18



රට තුළ පවතින ඖෂධ හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

ජාතික ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරීන් අල්ලස් ලබාගන්නා බවට විෂය භාර අමාත්‍යවරයාට ද තොරතුරු ලැබී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පල කළේ මෙවන් අදහසක්

.”අපි දැන් මේ දවස්වල බහුලව කථාකරන දෙයක් තමයි බෙහෙත් හිඟය සහ තියෙන බෙහෙත් බාලවීම. මේකට ඇත්තම කියනවානම් වගකියන්න ඕනේ ඉන්න සෞඛ්‍ය ඇමතිවරයා. ජාතික ‌ඖෂධ අධිකාරය තීන්දු කළා ඒ අයගේ සේවකයෝ ඉවත් කරන්න. ඖෂධවේදීන්… ඒක හරි තීන්දුවක් හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එතන ඉන්න ලොක්කෝ සිල්වන්තයෝ කියලා. ලොක්කෝ ඊට හපන්. අපි අද කවුරුත් දන්නවා එතන ඉන්න ලොක්කෝ මිලියන තුන, හතර අල්ලස් ඉල්ලනවා. ෆයිල් රෙජිස්ටර් කරන්න. ඖෂධ සමාගම් ක්ෂේත්‍රයේ ඉන්න අය ලෑස්ති ඇමතිවරයාට ළඟට ඇවිල්ල ඒ විස්තර දෙන්න. එතකොට ඇමතිවරයාට ඒ විස්තර දීලා තියෙනවා කියන එකත් අපි දන්නවා. මේ රටේ ඖෂධ හිඟයක් ඇතිවෙලා තියෙන්නේ මේ රටේ ආර්ථික අර්බුදයක් නිසා නෙමෙයි. ඖෂධ හිඟයට බලපාලා තියෙන්නේ වංචාව දූෂණය නිලධාරී වාදට නොහොත් අකාරක්ෂම තාවය.”

මේ අතර මේ වනවිට ඖෂධ 200ක පමණ සංඛ්‍යාවක හිඟයක් රටතුළ පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළා.