hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 ජූලි 04, පෙ.ව. 3:10



පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අවුරුදු 80 ක් සපිරීම නිමිත්තෙන් පසුගිය 01 වනදා එය මහජන ප්‍රදර්ශණය සඳහා විවෘත වුණා.

එදින පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයට දිවයිනේ නන් දෙසින් පැමිණි පාසල් සිසුවියන්, තරුණ ප්‍රජාව ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනතාව විසින් විශ්වවිද්‍යාල පරිසරයට කිසිදු හානියක් සිදු නොකර ඉතා සංවරව හා විනීතව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ විවිධ අංශ නැරඹූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා ප්‍රකාශ කලා

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත් වු මාධ්‍ය හමුවකදීයි.

ජනතාවට සරසරවිය විවෘත වූ දිනයේ විශ්ව විද්‍යාල පරිසරයට හා එහි දේපළ වලට හානි සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වූ සිදුවීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.

මෙහිදී ඔහු ප්‍රකාශ කළේ ‘ලක්ෂ දෙකකට අධික ජනතාවක් විශ්වවිද්‍යාලය නැරඹීමට පැමිණියා ඒ ආපු අයගෙන් විශ්වවිද්‍යාලයට හෝ එහි දේපළවලට හෝ වෙනත් කිසිම හානියක් සිදුවූයේ නැහැ ඒ ගැන සැබෑ තත්ත්වය දැක බලා ගැනීමට අවශ්‍ය අයෙක් සිටී නම් පැමිණෙන ලෙස මම සැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා’ යනුවෙනි.

මෙලෙස අතිවිශාල පිරිසක් පැමිණි අවස්ථාවේ ඔවුන් රැගෙන ආ තිබු ප්ලාස්ටික් අපද්‍රව්‍ය පොලිතින් මලු කඩදාසි බෑග් වතුර බෝතල් ආදී සියල්ල විශ්ව විද්‍යාල පරිසරයේ තැන තැන දමා තිබු බවත් ඒවා විශ්වවිද්‍යාල සිසු ප්‍රජාව විසින් ඉවත් කර පරිසරය තිබු ආකාරයෙන්ම පිරිසිදු කර ඇති බවයි.

ජනතාව රැගෙන ආ අපද්‍රව්‍ය තැන තැන දමා ගොස් තිබුණත් ඔවුන් විශ්ව විද්‍යාල පරිසරයට හෝ ගහ කොළකට කිසිදු හානියක් සිදුකර නොමැති බවටත් මේ පිළිබදව මෙහි පැමිණි මාධ්‍යවේදීන් කරුණු හොදින්ම දන්නා බවත්, අවශ්‍ය කෙනෙකු සිටීනම් විශ්ව විද්‍යාල පරිසරයට පැමිණ මේ පිළිබදව දැකබලා ගත හැකි බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.