hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූලි 04, ප.ව. 8:20



එළඹෙන අගෝස්තු (01) දින සිට ගාලු කොටුව තුළ කැමරාකරණය සදහා ගාලු උරුමය පදනමේ ලියාපදිංචිය ඇති කැමරා ශිල්පීන්ට පමණක් අවස්ථාව ලබාදෙන බව ගාලු උරුමය පදනම සදහන් කරනවා.

ගාල්ල කොටුව තුළ මංගල අවස්ථා, (Pre-shoot) ඇතුළු වෙනත් පෞද්ගලික උත්සව, වෘත්තීය මට්ටමින් නිශ්චල කැමරාකරණයේ යෙදීමේදී පුරාවස්තු වලට හානි වන අවස්ථා වාර්තා වී තිබෙන බව ගාලු උරුමය පදනම සදහන් කරනවා.

එනිසා ගාල්ල කොටුවේ පුරාවිද්‍යා උරුම ආරක්ෂා කරමින් ආගමික හා සංස්කෘතික අගයන්ට මෙන්ම ආර්ථික කටයුතු වලට බාධා හා අනිසි බලපෑම් ඇති නොවන පරිදි ගාල්ල කොටුවේ උරුම කළමනාකරණය පිළිබඳ ප්‍රධාන වගකීම ගාලු උරුමය පදනම වෙත පැවරී තිබෙනවා.

එනිසා ගාල්ල කොටුව තුළ වෘත්තීය මට්ටමින් නිශ්චල ඡායාරූප ගතකිරීම සඳහා අවස්ථාව සලසාදීමට අදාල කැමරා ශිල්පීන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවද ගාලු උරුමය පදනම සදහන් කරනවා.