hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 05, ප.ව. 4:21



මුතුරාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බවට තායිලන්තයේ පරිසර අමාත්‍ය Varawut Silpa-archa ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය ආයතනයක් වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් එම හස්තිය යළි ශ්‍රී ලංකාවට එවීමේ ඉඩකඩ ඉතා සීමිත වන බවයි පැවසෙන්නේ.

එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වූයේ, ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේ නමක් මුතුරාජා සුව වූ පසු යළි ගෙන්වා ගන්න බවට සිදු කළ ඇති ප්‍රකාශය සාකච්ඡාවට බඳුන් නොකළ යුතු කාරණයක් බවයි.

එසේම, ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ලබා දී ඇති සෙසු ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් ද පරිසර අමාත්‍යවරයාගේ අවදානය යොමුව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: