hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 05, ප.ව. 4:34



මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව, මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17 වන දා සිට අගෝස්තු 31 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

අගෝස්තු 17 වන දා ඇසළ පෙරහැර මංගල්‍යය කප් සිටුවීම පෙරවරු 6.12ට සිව් මහා දේවාලවල සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අගෝස්තු මස 21 – සිට 25 වන දා දක්වා කුඹල් පෙරහර 26 සිට 30 වන දා දක්වා රන්දෝලි පෙරහැර පවත්වා අගෝස්තු 31 වන දා දියකැපීමේ මංගල්‍යය සිදුකර එදින ම දහවල් පෙරහර සිදුකර එදින පස්වරුවේ ජනාධිපතිවරයාට පෙරහැර සංදේශය භාර දීම සිදුකිරීමට නියමිතව ඇති.