hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 ජූලි 06, පෙ.ව. 1:18



දූෂණ විරෝධී පනත් කෙටුම්පත හා අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව දෙවැනි වර කියවීමට අදාළව කල් තබන ලද විවාදය අද (06) පාර්ලිමේන්තුවේදි පැවැත්වෙනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, පසුගිය ජුනි මස 21 වන දින පනත් දෙක සම්බන්ධ විවාදය සිදු කළද අදාළ පනත් පිළිබදව විවාදය තවදුරටත් පැවැත්විය යුතු බවට කරන ලද ඉල්ලීම අනුව තවත් දිනයක් ලබාදීමට තීරණය කළ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව විවාදය හෙට පැවැත්වීමට නියමිතයි.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත තුළින් මේ රටේ දුෂණය වැළැක්වීමට අවශ්‍ය පියවර උපරිමව ගෙන ඇති අතර ඒ සදහා දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව සමග සාකච්ඡා කර ඇති බැවින් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රිවරුන්ගේ සහාය ඊට ලබා දෙනු ඇති බවයි අධිකරණ අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.