hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 07, පෙ.ව. 8:49



නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

දැනට පවතින අවුරුදු 05ක සේවා කාලය සහ සේවකයින් 15 ක් සිටීමේ සීමාව ඉවත් කිරීමට ද එමගින් පියවරගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

නවීන වැඩ ලෝකයට ගැලපෙන පරිදි කම්කරු නීති පද්ධතියක් සඳහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඊයේ (06) පස්වරුවේ ඉදිරිපත් කර තිබෙනවා.