hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 07, පෙ.ව. 8:51



පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගාකිරීමේ බලය ලබාදීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවා.

ඊයේ (06) මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා නව පනත් කෙටුම්පතට අදාළ කරුණු පැහැදිලි කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“නීතිමය ප්‍රතිපාදන නැතුව වවන්න ගියොත් හිරේ යන්න වෙන්නේ. එවැනි ප්‍රකාශ වගකීමෙන් තොරව සිදුකළ නොහැකියි. කාලරාමුව තීරණය වෙන්නේ පනත සම්මත වෙන දවස අනුවයි. ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව කංසා වගාකිරීමේ බලය ලැබෙනවා. ආයුර්වේද කොමසාරිස් ඒ සඳහා රෙගුලාසි පනවන්න ඕන.”