2023 ජූලි 08, පෙ.ව. 3:23
සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් ගැටලු කඩිනමින් විසදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිලිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, ජනාධිපති ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ නිළධාරින් පිරිසක් සමග සාකච්ඡා කර තිබෙනවා.
එහිදී ඖෂධ හිගය, වෛද්‍ය උපකරණ පිලිබද ගැටලු, ඖෂධවල ප්‍රමිතිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආශ්රිත ගැටලු කඩිනමින් විසදීමට සාකච්ඡා කර ඇති බව සදහන්.
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වියදම් පියවීම සදහා ඇති දුෂ්කරතාවයන් වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා කර සහයෝගය ලබා ගැනීමට ද එහිදී තීරණය කර තිබෙනවා.
මේ අතර, ශල්‍ය උපකරණවල හිගය හේතුවෙන් මේ වන විට රෝගීන් ශල්‍යකර්ම සිදු කර නොගැනීමට කටයුතු කරන තත්වයක් දක්නට ලැබෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා.
එහි මාතර ශාඛාවේ සභාපති අයි.කේ.අබේනායක මාතර මහරෝහල ඉදිරිපිට පැවති විරෝධතාවයකට එක්වෙමින් මේ බව කියා සිටියා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08