hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 ජූලි 10, ප.ව. 2:11



ශාසනය වනසන භික්ෂුන්ට එරෙහිව විනය පියවර ගත යුතු බවත් අද වන විට භික්ෂුන් වහන්සේනමකට පාරේ බැස යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ පවසනවා.

භික්ෂුන් වහන්සේලාගේ මේ ක්‍රියාකාරකම් නිසාවෙන් අද බෞද්ධ සමාජය පුදුම විදිහට කලකිරීමට පත්වෙලා තිබෙන බව උන්වහස්නේ පෙන්වා දෙනවා.

වැරදි කරන භික්ෂුවක් සම්බන්ධයෙන් යම්කිසි පියවරක් ගැනිමට උන් වහන්සේලාට බලයක් නැත්නම්, රජය සමග සාකච්ජා කර එම බලය ලබා ගැනිමට සංඝ සභා පියවර ගතයුතු වුවත්, එවන් පියවරක්වත් ගන්නා බවක්වත් නොපෙනෙන බවත් රාහුල හිමියෝ පෙන්වා දෙනවා.

මේ නිසා අවසානයේදි සිදුවන්නේ භික්ෂුවකට අඩුම තරමේ බසයකවත් ගමන් කිරීමට නොහැකි තත්වයක් උදාවිම යැයිද රාහුල හිමියෝ කියා සිටියා.

එහිදී උන්වහන්සේ මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අද මේ හදිස්සියේ මාධ්‍ය හමුවක් කැඳවන්නට මා තීරණය කළේ අද දැන් මේ මේ වෙනකොට වර්තමානය තුළ අද දවස තුළ සමාජ මාධ්‍ය දිහා දැක්කහම භික්ෂූන් වහන්සේ කෙනෙකුට පාරේ බැහැලා යන්න බැරි තත්වෙකට පත්වෙලා තියෙනවා. ඒ වගේම තමයි භික්ෂූන් වහන්සේ කෙනෙකුට බස් එකේ සීට් එක දෙන්නැති තත්වයකට පත්වෙලා තියෙනවා. ඒ තරම් භික්ෂුන් වහන්සේලාගේ මේ ක්‍රියාකාරකම් නිසාවෙන් අද බෞද්ධ සමාජය පුදුම විදිහට කලකිරීමට පත්වෙලා තියෙනවා. ඒ වගේම විවිධ මත මේ මේ විවිධ දේවල් සමාජගත වෙලා තියෙනවා මේ සමාජ මාධ්‍ය තුළ. විශේෂයෙන් මම එක දෙයක් ඉල්ලීමක් කරනවා.

අපේ රටේ නිකාය තුනක් තිබෙනවා. සියම්, අමරපුර, රාමඤ්ඤ. මේ නිකාය තුනටම මහා නායක ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේම මේ භික්ෂු සංස්ථාවට නායකත්වයක් කොතනකවත් නෑ. නායකත්වය තිබුණත් නායකත්වය පිළිගන්න භික්ෂූන් වහන්සේලා මේ රටේ කවුරුවත් නෑ. එහෙම වෙන තිබුණා නම් මේ වෙනකොට මේ භික්ෂු සංස්ථාවට වර්තමානයේ මෙවැනි අප අපකීර්තියකට පත් වෙන්නට හේතු සාධක නෑ. ඒ වගේම තමයි මේ පිළිබඳව ඇත්තටම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුයි. මම ඉල්ලීමක් කරනවා මේ රටේ මහා නායක ස්වාමීන් වහන්සේලාගෙන් සහ වර්තමාන රජයෙන්, ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් මම ඉල්ලීමක් කරනවා. සංඝාධිකරණ පනත, ඒ වගේම විහාර දේවාලගම් පනත මේක සංශෝධනය කරලා සංඝාධිකරණ පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා අවශ්‍ය කරන නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න කියලා.

මොකද එක හේතුවක් තමයි මේ අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ පැවති රජයන් සංඝාධිකරණ පනත ගේන්ඩ විවිධ අවස්ථාවල ඒ අධිකරණ ඇමතිවරු, රාජ්‍ය නායකයෝ, මහා නායක ස්වාමීන් වහන්සේලා හමුවෙලා අනුමැතිය ඉල්ලා සිටියා. සමහර තැන්වලින් දෙනවා. සමහර තැන්වලින් දෙන්නේ නෑ. ඒ නොදෙන එක හේතුවක් තමයි මේ සංඝාධිකරණ පනත සම්මත වෙලා නීත්‍යානුකූලභාවයට පත්වුණාට පස්සේ, සමහරවිට දඬුවම් විඳින්න වෙන්නේ පළමුවෙන්ම ඔය කියන අයට. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා දැන් මේ වර්තමානයේ තියෙන සමාජ ගැටලුවත් එක්ක මේ තත්ත්වයත් එක්ක, භික්ෂූන් වහන්සේලාට ඇතිවෙලා තියෙන මේ අපකීර්තියත් එක්ක මම ඉල්ලීමක් කරනවා වර්තමාන ජනාධිපතිවරයාගෙන්, ඔබතුමා තමයි මේ රටේ මේ සංඝාධිකරණ පනත ගෙනල්ලා, භික්ෂූන් වහන්සේලාට යම් නීති රාමුවක් තුළ කටයුතු කිරීමේ හැකියාව ඇති කරන්න ඉන්න එකම පාලකයා.

ඒක නිසා සමහරවිට මේකට භික්ෂූන් වහන්සේලා එරෙහි වෙයි. හැබැයි අනුමැතිය කවදාක්වත් භික්ෂූන් වහන්සේලාගෙන් අනුමැතිය අරගෙන මේ සංඝාධිකරණ පනත පාර්ලිමේන්තුවට ගේන්න බෑ. කවදාක්වත් මේ අනුමැතිය දෙන්නේ නෑ. කවදාකවත් මේ රටේ භික්ෂූන් වහන්සේලා එක තැනකට, එක අදහසකට, එක මේ වැඩපිළිවෙලකට එන්නේ නෑ. කවදාක් මේ කල්පය තියෙන තාක් කල් මේ රටේ භික්ෂූන් වහන්සේලා එකතු කරන්න බෑ. එකතු කරන්න බැරි හේතුව තමයි මේ රටේ කිසිඳු අවස්ථාවක භික්ෂූන් වහන්සේලාට නායකත්වය දෙන්න කොන්ද පණ තියෙන නායකත්වයන් මේ රටේ තාම බිහිවෙලා නෑ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා භික්ෂූන් වහන්සේලාගේ තොර මේ අනුමැතියකින් තොරව ජනතාවගේ අදහස් විමසලා, සංඝාධිකරණ පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ වැරදි කරන භික්ෂූන් වහන්සේලාට දඬුවම් දෙන්න නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නට අවශ් ය කටයුතු සම්පාදනය කරන්නෙයි කියලා.

ඒ වගේම විහාර දේවාලගම් පනත සංශෝධනය කරලා ඒකට අවශ්‍ය කරන වර්තමානයට ගැලපෙන ආකාරයෙන් මේ කටයුත්ත කරලා මේ ඒකාධිකාරියක් පවත්වාගෙන යන සමහර තැන්වලට කෝටි ගණන් සල්ලි හම්බවෙනවා. හැබැයි කරන දෙයක් නෑ. සමහර භික්ෂූන් වහන්සේලා ඉන්නවා ඒවගෙන් අකටයුතු පහුගිය කාලය තුළ අපට විවිධ මාධ්‍යයන් ඔස්සේ දැන් මේක දැක හම්බවුණා. ඒ නිසා ඒ ක් රමය දැන් විහාර දේවාලගම් පනත සංශෝධනය කරලා ඒ අවශ්‍ය කරන අ භික්ෂූන් වහන්සේලා තමයි එදා රජ කාලේ හිටපු හොඳම ප්‍රධාන ව්‍යවසායකයෝ. ඒක තමයි රජවරු හැටපස් අමුණයි. ඒ වගේම ගල උඩට නැග්ගහම හොරණෑ ගහලා මේ තම්මැට්ටම ගහලා පූජා කරපු ඉඩම් ප්‍රමාණය දැක්කහම ඇත්තටම දහස් ගණනක් පූජා කරේ ඒ අද වගේ මේ භික්ෂූන් වහන්සේලා ගමින් ගමට මේ අල්ලපු වැටෙන් අල්ලපු වැටට පන්සල් හැදෙයි කියන විශ්වාසයක් රජ්ජුරුවෝ තුල තිබුනේ නෑ. අද රජ්ජුරුවෝ හිටියා නම් එහෙම මේ භික්ෂූන් වහන්සේලා කරන ක්‍රියාදාමයන් තුළ කෙලින්ම බෙල්ල ගසලා දානවා ප්‍රසිද්ධියේම. ඒ නිසා මේ තත්වයකට පත් වුණේ ඇයි? අපි කොතනක හරි වැරැද්දක් කරලා තියෙනවා.

ඒ වැරැද්ද තමයි මේ රටේ වෙහෙර විහාර හැදුවා, අහස උසට පෙති පිළිම හැදුවා. ඒ වගේම වෙහෙර විහාර හැදුවා. මේවා ඔක්කෝම කළා. මේ ආගමික නායකයෝ එදා ඉඳලාම මේ රටේ මිනිස්සුන්ගේ සිංහල වේවා, බෞද්ධ වේවා, කතෝලික වේවා ඒ වගේම මුස්ලිම් වේවා, ද්‍රවිඩ වේවා මේ කාගෙවත් ආගමික නායකයෝ ඔළුව හැදුවේ නෑ. එතන වැරැද්ද තමයි අද මේ තියෙන්නේ. ඔළුව නහදපු එකේ වැරැද්ද තමයි මේ වෙලා තියෙන්නේ. ඒ වගේම බලන්න හැම අවස්ථාවකම උදේ ඉඳලා රෑ වෙනකම් හැමදාම ආගමික කටයුතු. බණ කියනවා කියලා දහස් ගණන් සමහර පූජාවලට බණ කියන ඒවා වලට එකතු වෙනවා. හැබැයි තමන්ගේ නැන්දම්මව බෑනව තියාගෙන ඉන්නවා. තාත්තා දූ තියාගෙන ඉන්නවා. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. මේ රටේ බණ අහනවනම් මේ මිනී මේ මෙච්චර මේ බෞද්ධ රටේ බණ අහලා මිනිස්සු හැදුනා නම්, මේ තරුණ පරපුර එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඒ නිසා අපට වැරදිච්ච තැනක් තියෙනවා. ඒ තැන හදාගන්න නම් නිසි විදිහට කිසිඳු භේදයකින් තොරව ආගමික නායකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒ සංඝාධිකරණ පනත ගේන්න අවශ් යයි. ඊළඟට අනෙකුත් ආගම් වල දිහා බැලුවහම මම හිතන්නේ සමාජ මාධ්‍ය තුළ මේ තරම් භික්ෂූන් වහන්සේලා තරම් විවේචනය වෙන්නේ නෑ.

ඒකේ මොකක් හරි රහසකුත් තියෙනවා. ඒ පිළිබඳව මම වැඩිදුර ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වන්නේ නෑ. මම කියන්නේ වර්තමාන භික්ෂු සංස්ථාව එක්තරා පදනමකට විනය ආරක්ෂා කර ගැනීම සඳහා ඒක භික්ෂූන් වහන්සේලාගේ කාර්යභාරයක් වන සේම අනිකුත් භික්ෂූන් වහන්සේ මේ වැරදි කරන භික්ෂූන් වහන්සේලා ගෙන් මේ මේ සාසනය මේ බෞද්ධ දර්ශනය. කාටත් හැබැයි මේ විනාශ කරන්න බෑ. මේවා බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඒ කාලේ මේවා සිද්ධ වුණා. හැබැයි සිද්ධ වුණාට අද වගේ සමාජ මාධ්‍ය තුළ තිබුණේ නෑ එදා. ඒක නිසා මේක අරුම පුදුම දෙයකුත් නෙමෙයි. නමුත් අද සමාජ මාධ්‍ය තුළ විශාල සංඝ සංස්ථාවට ලොකු පරිහානියට පත් වෙලා තියෙනවා. ඒ නිසා භික්ෂූන් වහන්සේලා පන්සල් වලට ඊළඟට බෞද්ධයෝ එකතුවෙලා පන්සල් වලට ගහන මට්ටමට එනවා. ඒ තත්වෙට පත්වෙනවා. ඒ තත්වෙට පත්වෙන්න ප්‍රථම මම ඉල්ලීමක් කරනවා රජයේ බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ කාර්යභාරය නිසි විදියට කටයුතු කරන්න. ඒ වගේම අධිකරණ සංඝාධිකරණ පනත ගේන්න. ඒ වගේම විහාර දේවාලගම් පනත සංශෝධනය කරලා ඒ අවශ්‍යනීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කරන්නෙයි කියලා මම බොහොම ගෞරවයෙන් මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා. අතිගරු මහා නායක ස්වාමීන් වහන්සේලාගෙන් සහ වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් මම ඉල්ලීමක් කරනවා. මේ කටයුතු වහා වහා පරක්කු කරන්න එපා. පරක්කු කළොත් මේක පරාදයි.”