hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූලි 10, ප.ව. 2:30



තායිලන්තයට රැගෙන ගිය මුතු රාජා ශ්‍රී ලංකාවේ සත්තු වත්තේදී රැක බලාගත් ඇත් ගොව්වා වන දොන් උපුල් ජයරත්න දෙනෙල්පිටියගේ මහතාට තායිලන්ත රජතුමා සහ රැජින ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.

උපුල් ජයරත්න මහතා පසුගිය 2 වැනිදා තායිලන්තය බලා පිටත්ව ගොස් තිබුණා.

ත්‍යාගය පිරිනැමීම සඳහා පැවැති උත්සවයට රජු නියෝජනය කරමින් සහභාගි වූ රජුගේ පෞද්ගලික ලේකම්, එයාර් මාර්ෂල් සෙන්ග්චුටෝ මහතා උපුල් ජයරත්න මහතාට ත්‍යාගය පිරිනමා තිබෙනවා.

තායිලන්ත ස්වාභාවික සම්පත් සහ පරිසර අමාත්‍යාංශයේදී උත්සවය පවත්වා ඇති අතර, උත්සවයට සහභාගි වූ දෙනිපිටිය මහතා පසුගිය 6 වැනිදා යළි මෙරටට පැමිණ තිබෙනවා.