2023 ජූලි 11, පෙ.ව. 2:21
දරුපල ප්‍රමාදවීම හේතුවෙන් අත්බෙහෙතක් පානය කළ තරුණ කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පැවසුවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඩී.ජි දිල්මි සදුනිකා විජේරත්න නමැති සීගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක තරුණියක්.
මැය මීට වසර තුනකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර මේවනතුරු දරුඵල හට නොගැනීම හේතුවෙන් සිය පියාගේ ඥාති නැන්දනියක පවත්වාගෙන දේවාලයකට ගොස් දේශීය ඖෂධයක් දින තුනක් තිස්සේ පානය කර තිබෙනවා.
ඇය මෙම ඖෂධය ලබා දී ඇත්තේ විරේකයක් ලෙසිනි. පසුව මෙම තරුණියට ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (10) දින ජයන්තිපුර රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ්වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17