2023 ජූලි 11, පෙ.ව. 11:14
මාර්ග අබලන් වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වී සත පහක් වැඩක් නැති බවත් ඒවා පිළිසකර කිරීමට ආණ්ඩුවට මුදල් නැති බවත් මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
මනංපිටිය කොටලිය ප්‍රදේශයේ සිදුවු මාරාන්තික රිය අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී ඔහු මේ බව සදහන් කළා.
මීට පෙර මෙම පාලමේ ඇති අවදානම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කරුණු වාර්තා කර තිබුණ ද ඒ පිළිබඳව සැලකිලිමත් නොවූයේ මුදල් නැති නිසා බවද හෙතෙම සඳහන් කර සිටියා.
මුදල් හොයන විකල්ප ක්‍රමයක් ඇත්තේනම් පවසන ලෙසත් එසේ වුවහොත් ඒ දේ පිළිබඳව කටයුතු කළ හැකි බවත් ඔහු රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය අමතමින් කියා සිටියා.
“උතුරු නැගෙනහිර පළාත්වල කිසිඳු බලපත්‍රයකින් තොරව සම්ප්‍රදායික කොමිස් පගා යන ආදිය දෙමින් බස් රථ ධාවනය කිරීම සම්බන්ධයෙනුත් විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබිලා තිබුණා. මෙසේ ගමන් කරන බලපත්‍ර නිත්‍යානුකූල කරලා ක්රමානුකූල කිරීම සඳහා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. පාරේ ප්‍රමාණයට නොගැලපෙන පාලමක් තමයි තිබෙන්නේ. පාලමේ නෙමෙයි වැරැද්ද බස් රථ රියදුරු. අපරික්ෂාකාරී ලෙස පැදවීමෙන් තමයි අනතුර සිද්ධ වෙලා තියෙන බව වාර්තා කරලා තියෙන්නේ. නමුත් මේ පාලම මීට වඩා පුළුල් පාලමක් බවට පත් කරන්න මීට අවුරුදු පහකට පෙර පටන් ඇස්තමේන්තු ඉදිරිපත් කරලා ක්‍රියාකාරී සැලැස්මවල් වලට මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළත් කරලා තියෙනවා. තක්සේරු කරලා තියෙනවා. ඒ පාලමට මිලියන තුන්සීයක්. අද පවතින ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය නිමවන තෙක් එවැනි අනතුරු සිද්ධ වුණත්, එවැනි පාලම් නැවත හදන්න පුළුවන් තත්වයක් ලංකා ආණ්ඩුවට නැහැ.”
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:12
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21