hit counter

2026 ජූනි මස 27 වන සෙනසුරාදා

2023 ජූලි 11, ප.ව. 3:32



පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් හා මහවිරුවන් වෙනුවෙන් සුභ සාධක සංගම් කාර්යාලය නමැති කාර්යාලයක් වවුනියාව තෝණිකල් ප්‍රදේශයේදී 09 වනදා විවෘත කොට තිබෙනවා.

පුනරුත්තාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ ඉදිරි සාමාන්‍ය ජනජීවිතය හා ඔවුන් සම්බන්ධීකරණය වෙනුවෙන් අදාළ කාර්යාලය විවෘත කළ බව පුනරුත්තාපනය ලැබු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පැවසූවා.

මෙම කාර්යාලය විවෘත කරන අවස්ථාවේදී පැවති විශේෂත්වය වූවේ සුභසාධන කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ න්‍යායාචාර්ය මෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නායකයෙකු ලෙසින් කටයුතු කල ඇන්ටන් බාලසිංහම්, එම සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් සහ එම සංවිධානයේම නායකයෙකුව සිට මාරාන්තික සත්‍යග්‍රහයකදී  මියගිය පළමු සාමාජිකයා ලෙස සැළකෙන තිලීපන් ඇතුළු පිරිසගේ ජායාරූප වෙත මල්මාලා පැළදවීමද සිදු කෙරුණා.

නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.කිෂෝර් මහතා, පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටි ටි සාමජිකයින් පිරිසක්ද එක්ව සිටියා.