2023 ජූලි 11, ප.ව. 4:20
මේ දිනවල දරුවන් අතර සරම්ප රෝගී තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා.
මෙම රෝගී තත්ත්වය ඊයේ (10) වන විට දරුවන් 12කට වැළදී තිබෙනවා.
මෙම රෝගයේ ලක්ෂණ ලෙස උණ හා රතු ලප ඇති වීම විශේෂයෙන් හඳුනාගත හැකියි.
මෙම රෝගය වැළදෙන්නේ කුඩා කළ ප්‍රතිශක්තිකරණය නොගත් අයට වන අතර ඒ හේතුවෙන් මේ රෝගයට ප්‍රතිශක්තිකරණයක් විදියට MMR එන්නත මාස 9 යේ දී හා අවුරුදු 3 දී නොමිලේ ලබා දෙනු ලබනවා.
නමුත් කලාතුරකින් ප්‍රතිශක්තිකරණ එන්නත ගත් අයටත් මෙම රෝගය වැළදිය හැකි අතර මෙහි අතුරු ආබාධ ලෙස පාචන තත්ත්වයන්, මන්ද පෝෂණ තත්ත්වයන්, දීර්ඝ කාලීනව කාලයක් යාමෙන් මොළයට බලපෑම් වුව ද සිදුවිය හැකි බව ඒ මහතා සඳහන් කර සිටියා.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17