2023 ජූලි 12, පෙ.ව. 1:01
            
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉකුත් වර්ෂයේදී (2022) මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2,033ක් වු අතර එය මෙහෙයුම් ආදායමට වඩා 26 ගුණයක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වෙනවා.
ඉකුත් වර්ෂයේ දි (2022) මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති පාඩුව රුපියල් මිලියන 22,214ක්.
මේ සදහා විදේශ විනිමය අලාභය ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.
ඉකුත් වර්ෂ 06 තුල (2017 සිට 2022) මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති අලාභය රුපියල් මිලියන 42,818ක් බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.
මෙම ගුවන්තොටුපළේ අපේක්ෂිත වාර්ෂික මගි ධාරිතාවය මිලියනයක් පමණ වුවද ඉකුත් වසර 06 තුල ගමන්කොට ඇති මුළු ගුවන් මගින් සංඛ්‍යාව 103,324ක්.
මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 2,612කි. ගුවන්තොටුපල ඉදිකිරිම සදහා රුපියල් මිලියන 36,564ක වියදමක් දරා ඇති අතර එම මුදල පලදායි ලෙස භාවිතා කොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.
ගුවන්තොටුපළේ ඉදිකිරිම් සදහා ලබාගත් ඩොලර් මිලියන 190ක ණය සදහා වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් මිලියන 1,842ක මුදලක් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් ගෙවා තිබුණා.
මෙම තොරතුරු සදහන් වන්නේ ගුවන්තොටුපළ සහ ගුවන්සේවා පුද්ගලික සමාගමේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුලත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේයි.
ගාල්ල – ලලිත් චාමින්ද
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07