hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2023 ජූලි 12, ප.ව. 8:37



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ, ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා අවසර දෙන බවයි.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ප්‍රකාශ කළේ, ඒ අනුව අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කාණ්ඩ 30 ක් යටතේ ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳව වැඩි විස්තර වෙබ් අඩවියෙන් හෝ ත්‍රීරෝද රථ පැවරුම් ශාඛාවෙන් 0113484520 දුරකථනයෙන් ලබාගත හැකි බවයි.

ත්‍රීරෝද රථ සංගම් සහ මහජනතාව දිගින් දිගටම කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. එය බලාත්මක වන්නේ පසුගිය 10 වැනිදා සිටයි.

ඊට අදාළ නිවේදනය පහතින්.

Gallery