hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූලි 15, ප.ව. 5:06



පේරාදෙණිය රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පත්කරන ලද  පංච පුද්ගල කමිටුව අද (15) එම රෝහලට ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි.

මෙම කමිටුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්.

සොඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දින කිහිපයක් තුළ අදාළ කමිටුව සිය විමර්ශන අවසන් කර වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බවයි.

පසුගිය 11 වනදා මහනුවර පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි චමෝදි සන්දීපනී ජයරත්න උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබු අතර එන්නත් දෙකක් ලබාදීමෙන් පසු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණා.

එහිදී ඇයගේ පවුලේ ඥාතීන් චෝදනා කර සිටියේ රෝහලට ඇතුළත් කරන විට කිසිදු අසාධ්‍ය රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකළ ආදාළ තරුණිය එන්නත් ලබාදීමෙන් පසු එකවරම අසාධ්‍ය තත්ත්වයට පත්වී ජීවිතයට සමුදුන් බවයි.

කෙසේවෙතත් සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ තරුණියගේ මියයාම ඖෂධයක් නිසා සිදුවූ බවට සැක නොකරන අතර අසාත්මිකතාවයක් ඇය මියයෑමට හේතුවන්නට ඇතැයි සැක කරන බවයි.

Example Image