2023 ජූලි 17, පෙ.ව. 10:47
බොරැල්ල පොලිස් වසමේ සහස්පුර මහල් නිවාස සංකීර්ණ ප්‍රදේශයේ විශේෂ පෙලිස් මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
ඊයේ (16) අලුයම එම මෙහෙයුම බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව සිදු කර තිබෙනවා.
එහිදි විවිධ අපරාධවලට සම්බන්ධ බවට සැක සහිත පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.
එම සැකකරුවන් අතර වරෙන්තුකරුවකු සහ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12