2023 ජූලි 19, පෙ.ව. 1:07
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඖෂධ ආසාත්මිකතාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසනවා.
මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා,
“රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වනතෙක් කිසිදු ආකාරයකින් දරුවෙකුට ආසාත්මිකතාවයක් ඇති වෙලා නෑ. මම ඒ පිළිබඳව ඉතාම සතුටු වෙනවා. දිවයිනේ යම් යම් ප්‍රදේශවලින් මෙවැනි වාර්තා වීමක් සිදු වුණා. පේරාදෙණිය හා මහනුවර මහ රෝහලේ තමා මේ ආසාත්මිකතාවයන් ප්‍රධාන වශයෙන් වාර්තා වුණේ. ඊට අමතරව එක රෝගියෙක් වාර්තා වුණා අපිට රාගම ශික්ෂණ රෝහලෙන්. ඒ වගේම මේ වනවිට ඖෂධ වර්ග දෙකකට පමණයි මේ තත්ත්වය අපිට වාර්තා වෙලා තියෙන්නේ. මේ පිළිබඳව සෞඛ්‍ය සේවා ජනරාල්වරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා විසින් සත් පුද්ගල කමිටුවක් පත්කරලා තියෙනවා. මෙවැනි ආසාත්මිකතාවයන් ඇති වුවහොත් ඒ පිළිබඳ පැමිණිලි කරලා වාර්තාවක් ලබාගැනීමට හැකියාව තියෙනවා.”
2025 මාර්තු 07, පෙ.ව. 12:31
2025 මාර්තු 07, පෙ.ව. 12:29
2025 මාර්තු 07, පෙ.ව. 12:27
2025 මාර්තු 07, පෙ.ව. 12:27
2025 මාර්තු 07, පෙ.ව. 12:25