2023 ජූලි 18, ප.ව. 10:20
මස්කෙලිය ප්‍රදේශයේ තේ වත්තක සිටි කදුකර කොටි පැටවුන් දෙදෙනෙක් අල්ලා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත භාර දිමට එම වතුයායේ වතු කම්කරුවන් ඊයේ (17) පියවර ගෙන තිබුණා
මාසයක් පමණ වයසැති කදුකර කොටි පැටවුන් දෙදෙනා තේ වත්තේ ආරක්ෂිත ස්ථානයකට මව විසින් ගෙනවිත් දමා මව ගොදුරු සෙවිමට ගොස් සිටි අවස්තාවක තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් කදුකර කොටි පැටවුන් දෙදෙනා දැක ඒ බැව් වතු පාලන අධිකාරිය හරහා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දි තිබෙනවා.
තම භාරයේ සිටින කදුකර කොටි පැටවුන් දෙදෙනා මව වෙත භාර දිම සදහා කොටි පැටවුන් දෙදෙනා රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යවරයාගේ උපදෙස් මත මව වෙත භාරදිම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ.
තේ වත්තේ සිටින මෙවැනි කදුකර කොටි පැටවුන් මිනිසුන් විසින් අල්ලා ස්පර්ශ කිරිමෙන් පසු යලිත් එම කොටි පැටවුන් මව විසින් භාර ගැනිම ප්‍රතික්ෂේප කරන නිසා තේ වතුවල සහ රක්ෂිත වල සැරිසරන කොටි පැටවුන් ඇල්ලිමෙන් වැලකි එම සතුන් සිටි ස්ථානයේම රැදි සිටිමට අවස්තාව ලබාදිම තුලින් එම කොටි පැටවුන්ගේ ජිවිත ආරක්ෂා වන බවත්, ගොදුරු සොයා යන කොටි පැටවුන්ගේ මව යලිත් එම ස්ථානයට පැමිණ තම පැටවුන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යන බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.
2025 ජූනි 20, පෙ.ව. 12:10
2025 ජූනි 20, පෙ.ව. 12:09
2025 ජූනි 20, පෙ.ව. 12:09
2025 ජූනි 20, පෙ.ව. 12:08
2025 ජූනි 20, පෙ.ව. 12:08