2023 ජූලි 21, පෙ.ව. 12:29
රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 30 දෙනෙකුගෙන් බැදුම්කර ගිවිසුම් කඩවිම මත අය විය යුතු රුපියල් පහළොස් කෝටි හෑත්තැනමලක්ෂ පනස්තුන්දහස් දෙසිය හැට එකක (157,953,261) මුදලක් ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 දින වනවිටත් අයකර ගැනිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වෙනවා.
2006, 2008 සහ 2018 යන වර්ෂයන් වලදි ගිවිසුම් කඩවිම මත මෙකි මුදල මෙම ආචාර්යවරුන්ගෙන් විශ්වවිද්‍යාලයට අයවිමට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.
මෙම මුදල කඩිනමින් අයකරගත යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.
මේ පිළිබද විශ්වවිද්‍යාලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ මුදල් අයකිරිම සිදු කරමින් පවතින බවත් මුදල් නොගෙවන අචාර්යවරුන් සම්බන්දයෙන් නිතිමය පියවර ගනිමින් සිටින බවයි.
රුහුණු විශ්ව විද්‍යාලය සම්බන්දයෙන් 2022 වර්ෂයට අදාලය මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.
ගාල්ල – ලලිත් චාමින්ද
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:10
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:06