hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූලි 23, පෙ.ව. 1:01



සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින්, රජයේ රෝහල් වල භාවිතය සදහා මෙරට නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන ඇස්ප්‍රීන් කාණ්ඩයේ ඖෂධ භාවිතයෙන් ඉවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එයට හේතුව වී ඇත්තේ, ඇස්ප්‍රීන් පෙති වල ඇස්ප්‍රීන් නැමති එහි ප්‍රධාන සංඝටකය තුළ ඇසිටයිල් සැලිසිලික් අම්ලය නොමැති බවට තහවුරු වීම හේතුවෙන්. එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ එහි අධ්‍යක්ෂ කපිල වික්‍රමණායකගේ අත්සනින් යුතුවයි.

වෛද්‍යවරුන් විසින් හෘදයාබාධ වලට ලක්වීමේ අවධානම සහිත පුද්ගලයින්ට සහ හෘදයාබාදයන්ට ලක්වූ රෝගීන්ගේ හෘදයේ රුධිර වාහිනීවල රුධිර කැටිගැසීම වැළැක්වීම සදහා ඇස්ප්‍රීන් අත්‍යවශ්‍ය ඖෂධයක් ලෙස රෝගීන්ට ලබා දෙනවා.