hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූලි 23, පෙ.ව. 2:26



රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා තවදුරටත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඊයේ (22) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වෙනම ඒකකයක් පිහිටුවා ඇති අතර මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි.

එමෙන්ම අදාළ ප්‍රතිව්‍යුහගතකරණයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

“රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියන කාරණය අපි ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලය එම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අනුමැතිය ලබාදීම සිදුකරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය යටතේ ඒ සඳහා වෙනම ඒකකයක් පිහිටුවලා ඒ ඒකකයේ නිලධාරීන් මේ වෙනකොට ප්‍රතිව්‍යුහගතකරණයේ සුදුසුම ක්‍රමවේදය පිළිබඳ අධ්‍යනය කරනවා සහ සාකච්ඡා කරනවා අනෙකුත් රාජ්‍ය ආයතන සමග.” 

“ඉතින් අපි රටක් හැටියට ඉදිරියට යනවානම් අපිට තවදුරටත් රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්නට මහා භාණ්ඩාගාරය විසින් මුදල් ලබාදීමක් සිදුකරන්න බැහැ. දෙවන කාරණය තමයි අනාගතයේ ඇතිවන අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන්ට ඔරොත්තු දෙන්න පුළුවන් රාජ්‍ය ව්‍යාපාර වෙනස් විය යුතුයි. ඒ අනුව අපි රාජ්‍ය ව්‍යාපාර ක්‍රම කිහිපයකට ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඒ හැම ප්‍රතිව්‍යුහගතකරණයක් පිළිබඳවම පාර්ලිමේන්තුව දැනුවත් කරනවා.”

Example Image