2023 ජූලි 23, පෙ.ව. 12:27
ශ්රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ස්වභාවිකව ඇති වූ අර්බුදයක් නොව වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඇති වූවක් බව නේපාලය, මාලදිවයින සහ ශ්රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස් මහතා පැවසුවා.
ඒ නිසා මෙය මිනිසා විසින් ඇති කර ගත් අර්බුදයක් (Man made crisis) බව ද ඒ මහතා කියා සිටියා.
මේ නිසා විදේශ ණය විශාල වශයෙන් එකතු වූ බවත් ඒ මහතා සඳහන් කළා.
2021 සහ 2022 අතර කාලයේදී ශ්රී ලංකාවේ දිළිඳුභාවය සියයට 13.1 සිට සියයට 25 දක්වා දෙගුණයක් වූ බවට ගණන් බලා තිබෙන බව ද මේ වසර (2023) අවසන් වනවිට දිළිඳුභාවය තවත් සියයට 2.4 කින් ඉහළ යනු ඇතැයි ද ෆාරිස් මහතා සඳහන් කළා.
තවත් බොහෝ අයට දිළිඳුභාවයේ කම්පනය දැනෙන දිනය වැඩි ඈතක නොවන බව ද ඔහු කියා සිටියා.
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:09
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:04
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:02
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:02
2024 නොවැම්බර් 01, පෙ.ව. 12:02