2023 ජූලි 27, පෙ.ව. 8:47
“පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ ආණ්ඩු හදන බලවේගයක්. අනිවාර්යයෙන්ම ඊළඟ ආණ්ඩුව හදන බලවේගය බවට පොදුජන පෙරමුණේ අපි පත්වෙනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල ආසන සම්මේලනයට එක්වෙමින් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් මෙසේද සඳහන් කළා.
“මීළඟ මැතිවරණයකදී සන්ධානගත වීම පිළිබඳව අපි තීරණයක් ගන්නේ මැතිවරණයක් ළං වන විටයි. අපි අපේ පක්ෂය එතැනට ගෙනයනවා. මැතිවරණයක් ක්‍රියාත්මක වන කාලසීමාවේ තමයි සන්ධානගත වීම පිළිබඳ සාකච්ඡා කරන්නේ. අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳව අපේ බලමණ්ඩලවලින් අහලා තමයි අපි තීන්දුවක් ගන්නේ. මේ වෙලාවේ අපි ක්‍රියාත්මක වන්නේ මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා සහයෝගය දෙන්නෙත් නැතිනම් අනුර කුමාර මහත්තයලගේ පාර්ලිමේන්තු ඉන්න තුන්දෙනා ඇවිල්ලා සහයෝගය දෙන්නේ නැතිනම් පොහොට්ටුවේ අපිත් සහයෝගය නුදුන්නොත් මේ රටට මොකද වෙන්නේ.
අපි එකක් පැහැදිලිව කියනවා. මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න අපි සහාය දෙනවා. මේ කාරණයේදී මැතිවරණයක් ගෙනියන්න සල්ලි නැති වෙලාවේදී අපි දේශපාලන වශයෙන් රට අස්ථාවර කළොත් රට කොයිබටද යන්නේ. එහෙම වුණොත් අපි අර අරගලයේ මුවාවෙන් මේ රට අස්ථාවර කරන්න බලාගෙන ඉන්න අයගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. අපි විශ්වාස කරන්නේ මේක ප්රජාතන්ත්රවාදී රටක්. මැතිවරණ ආණ්ඩුවේ මුදල් තත්ත්වය සාධාරණ තත්ත්වයකට හැරුණාම තියයි. එතකල් අපි දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න ඕන. මම හැමදාම කියනවා වගේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ධනේශ්වර පන්තියේ ආර්ථික ප්රතිපත්තිවල ප්රතිලාභ අපේ පන්තියේ අපේ ජනතාවට දෙන්න තමයි අපි කටයුතු කරන්නේ.”
2024 දෙසැම්බර් 26, ප.ව. 10:12
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
27-12-24
27-12-24
25-12-24
25-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
18-12-24
18-12-24
15-12-24
15-12-24
15-12-24
15-12-24
14-12-24
14-12-24
13-12-24
13-12-24
05-12-24
05-12-24
02-12-24
02-12-24
28-11-24
28-11-24