hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 30, ප.ව. 12:25



උතුරේ සිටින අන්තවාදී පිරිස් විසින් මුලතිව් කුරුන්දි විහාරයෙන් තමන් වහන්සේව පන්නා දමා එහි අයිතිය ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බවට කුරුන්දි විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමි පවසනවා.

එම අන්තවාදී පිරිස් තමන් වහන්සේට නින්දා අපහාස සිදු කරමින් ජීවිත තර්ජන එල්ල කරමින් සිටින බවට ශාන්තබෝධී හිමි පෙන්වා දෙනවා.

සිංහල ජනතාව උතුරු පළාතේන් පන්නා දැමීමට අන්තවාදී දේශපාලකයන් විසින් මේ වන විට මෙහෙයුමක් දියත් කරමින් සිටින බවට ද උන්වහන්සේ චෝදනා කරනවා.