2022 මැයි 20, ප.ව. 9:03
සර්ව පාක්ෂික රජයේ අමාත්‍යධුර ගත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කළ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
පක්ෂයේ තීරණයට පිටුපා ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙම පියවර ගත් බවයි මහලේකම්වරයා පැවසුවේ.
ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
තමන් සමඟි ජන බලවේගය අතහැර නොමැති බව කී ඇමතිවරයා පක්‍ෂය නිර්පාක්ෂික අරගලයක් වෙනුවෙන් ස්වාධීන වූ බව ද සඳහන් කළා.
ඒ නිසා තමන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූවත් සජබය සමඟ තරහ නොවන බව කී හරීන් ප්‍රනාන්දු මහතා තමන් ගත්තේ පක්‍ෂයට ගත නොහැකි වූ නමුත් ගත යුතුව තිබූ තීරණය බව ද පැවසුවා.
සමගි ජන බලවේගයේ ලාංඡනයේ සිට මැයි පෙළපාලිය දක්වා සියලු කටයුතු සිදුකළ තමන්ට මෙම තීරණය ගැනීමට ඉතා අපහසු වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළා.
2025 අප්‍රේල් 19, ප.ව. 12:09
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07