2022 මැයි 22, පෙ.ව. 5:13
පොලීසියේ රාජකාරි සඳහා සුනඛ පැටවුන් ලබා ගැනීමේ අරමණින් උසස් වර්ගයේ බල්ලන් සහ බැල්ලියන් 25 දෙනෙකු විදෙස් රටකින් මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි මහනුවර පොලිස් මුලස්ථාන පවසනවා.
මෙම එක් සුනඛයෙකු ලක්ෂ දහයක් පමණ වේ යැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.
පොලිස් නිල සුනඛ අංශයෙන් කෙරුණු ඉල්ලීමක් අනුව පොලිස් සැපයුම් සේවා කොට්ඨාසය මෙම සුනඛයන් මිලදී ගැනීමට සුදානම් වන බවයි වාර්තා වන්නේ.
මෙම බල්ලන් සහ බැල්ලියන් මාර්ගයෙන් පැටවුන් ලබාගෙන ඒ සතුන් පොලීසියේ විවිධ රාජකාරි සඳහා පුහුණු කිරීමට බලාපොරොත්තු වන බවයි පොලිසිය පවසන්නේ.
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:35
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:15