hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 16, ප.ව. 1:25



සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින ගැටළු නිලධාරීන්ගේ පිටින් යවා අත සෝදා ගැනීමට කෙහෙළිය රඹුක්වැල්ල මහතා උත්සහ දරමින් සිටින බව සජබ මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

එය සිදුවීමට කිසිසේත් ඉඩ නොතබන බවද මන්ත්‍රීවරයා කියයි.

තමන් ඇතුළු පිරිස සිදුකල අරගලයේ ප්‍රථිපලයක් ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට (SPC) නව සභාපතිවරයෙක් පත්වුණු බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

එහි නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා වන අතර ඔහු ඉතා හොඳ නිලධාරියෙක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් රඹුක්වැල්ල අමාත්‍යවරයාද මෙම වංචා දුෂණ සඳහා වගකිය යුතු අතර ඔහු ඉවත්කරන තුරු සටන අත් නොහරින බවද කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: