hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2022 මැයි 24, පෙ.ව. 7:56



වහාම ක්‍රියාත්මක වන පරිදි අද (24) අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින් ඉහළ දමා තිබෙනවා.

ලංකා අයි.ඕ.සී සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නව මිල ගණන් පහතින්,

පෙට්ට්‍රල් ඔක්ටේන් 92  – Rs. 420.00
පෙට්ට්‍රල් ඔක්ටේන් 95  – Rs. 450.00
ඔටෝ ඩීසල්                – Rs. 400.00
සුපර් ඩීසල්                 – Rs. 445.00