hit counter

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

2023 අගෝස්‍තු 29, පෙ.ව. 11:03



කැබිනට් අමාත්‍යවරුන් සමඟ රාජකාරී කිරීමේදී මත ගැටුම් ඇතිකරගෙන ඇති රාජ්‍ය අමාත්‍යවරුන් අයවැයට පෙර ජනාධිපතිවරයා හමුවීමට තීරණය කර තිබෙනවා.

එහිදී ඔවුන් සඳහා මෙවර අයවැයේදී වෙනම වැය ශීර්ෂයක් ඉල්ලීමට කටයුතු කරන බවද ජේෂ්ඨ රාජ්‍ය අමාත්‍යවරයෙකු සඳහන් කළා.

කබින්ට් අමාත්‍යවරුන් විසින් රාජ්‍ය අමාත්‍යවරුන්ට වෙනම විෂය පථයක් ගැසට් නොකිරීම නිසා ගැටළු රැසක් ඇතිවී තිබෙන බවද හෙතෙම කියා සිටියා.

ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: