hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:20



නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර තිබෙනවා.

පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු සංකිරණයේදී පැවති නව සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් මෙම පත්කිරීම සිදුවූ අතර ඒ සඳහා සෙසු පිරිසගේද එකඟතාවය හිමිව වුණා.

ඒ අනුව නව සන්ධානයේ පක්ෂ කටයුතු මෙහෙයවීම සහ තීරණාත්මක බලවේග සමග සාකච්චා කිරීමේ කටයුතු ද අනුර යාපා මන්ත්‍රීවරයාට පවරා ඇත.

ලබන ජනවාරියේදී නව සන්ධානයේ මංගල රැලිය පැවැත්වීමට කටයුතු සුදානම් වන අතර මේ වන විට ආසන මට්ටමින් දැනුවත් කිරීමේ හමු පැවැත්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: