2023 සැප්තැම්බර් 06, පෙ.ව. 11:50
lassana.com පෞද්ගලික සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන lassana innovations පෞද්ගලික සමාගම විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ Treats of Ceylon වෙළෙඳ කුටියක් විවෘත කර ඇත. මෙරටට පිටතින් පැමිණෙන සංචාරකයින් නැවත සිය මව්රට වෙත යන විට දේශීය රස සහිත Treats of Ceylon නිෂ්පාදන රැගෙන යාමට ද අවස්ථාව උදා කර දෙමින් ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තයේ ක්‍රමෝපායිකව මෙම වෙළෙඳ කුටිය ස්ථානගත කරන ලදි. එසේම ස්වදේශීය රසයන්ට ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයන් සහ ස්වදේශීය රස සොයා මෙරටට පැමිණෙන විදේශිකයින් ද Treats of Ceylon වෙළෙඳ කුටියේ පාරිබෝගිකයන් වනු ඇත.
ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා විසින් Treats of Ceylon වෙළෙඳ කුටිය විවෘත කළ අතර lassana ව්‍යාපාර සමූහයේ සභාපති සහ කළමනාකරණ අධ්යක්ෂ ආචාර්ය ලසන්ත මලවිගේ මහතා, lassana ව්‍යාපාර සමූහයේ අධ්යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම වෙළෙඳ කුටිය විවෘත කිරීම ශ්‍රී ලංකාවේ ඉහළ රසයන් සහ සූපශාස්ත්රීය අත්දැකීම් ස්වදේශිකයන්ට මෙන්ම විදේශිකයන්ට ද විඳගැනීමට අවස්ථාව උදා කර දීමේ සුවිශේෂී සංධිස්ථානයක් වෙයි.
Treats of Ceylon කුරුඳු, කළු ගම්මිරිස්, එන්සාල්, කරාබුනැටි, සාදික්කා, වසාවාසි ඇතුළු තෝරාගත් රසකාරක රැසක් අඩංගු කර මනා අධීක්ෂණයක් යටතේ නිෂ්පාදනය කර ඇත. ඉහළ මට්ටමේ අපනයන ගුණාත්මක බවකින් යුතු මෙම කුකීස් සාමූහික උත්සහයකින් නිෂ්පාදනය කර ඇති අතර සූප ශාස්ත්‍රය පිළිබඳ අත්දැකීම් සහිත දේශීය විශේෂඥයන්ගේ මෙන්ම ජාත්‍යන්තර විශේෂඥයින් ද එම සාමූහිකයට අයත් වේ.
Treats of Ceylon වෙළෙඳ කුටියෙන් කුකීස් වර්ගවලට අමතරව කොකිස්, කැවුම්, කළු දොදොල්, තල රෝල්ස්, පැණි කජු, කොස් බයිට් ආදී මෙරට සම්ප්‍රදායයික ආහාර වර්ග ගණනාවක් ද ලබා ගත හැකිය. එසේම lassana innovations විසින් La Treats නිෂ්පාදන පෙළ යටතේ ඉදිරිපත් කරන ලද La Treats cookies, Tea time cookies, Chocolate slabs සහ Artisan chocolates ආදී නිෂ්පාදන ද මෙම වෙළෙඳ කුටියෙන් පාරිබෝගිකයන්ට ලබා ගත හැකිය.
ගුවන්තොටුපළ පරිශ්‍රයේ Treats of Ceylon වෙළෙඳ කුටියක් විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ lassana ව්‍යාපාර සමූහයේ සභාපති සහ කළමනාකරණ අධ්යක්ෂ ආචාර්ය ලසන්ත මලවිගේ මහතා මෙසේ පැවසුවේය. “Treats of Ceylon සහ La Treats සන්නාම හරහා අපේ දේශීය රසයන් ලෝකයට ගෙන යාමට අප කරන කැපවීම විදහා දක්වනවා. ලෝකය පුරා විසිරී සිටින විවිධ මට්ටම්වල පුද්ගලයන් සමඟ අපේ ආහාරවල තියෙන සුවිශේෂී රසය සහ ශිල්පීය ගුණ බෙදාගැනීමට හැකි වීම පිළිබඳව සම්පූර්ණයෙන්ම දේශීය වශයෙන් වර්ධනය වූ ව්‍යාපාරයක් විදියට අපි ආඩම්බර වෙනවා.“
“අප විසින් භාවිතා කරන නැවුම් අමුද්‍රව්‍ය නිසා මුවට දැනෙන නැවුම් රසය, කුළුබඩුවල සිත් ගන්නා සුළු සුවඳ සහ උසස් තත්ත්වයේ දේශීය කුළුබඩු භාවිතා කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ නිසා අපේ කුකීස් වර්ග අනිවාර්යයෙන්ම පාරිබෝගිකයාට නැවුම් අත්දැකීමක් වෙනවා.“ යැයි Treats of Ceylon සහ La Treats සන්නාමවල සුවිශේෂී භාවය පිළිබඳ අදහස් දක්වමින් lassana innovations හි මෙහෙයුම් ප්‍රධානී යුගන්ත සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේය.
ලෝක ප්‍රකට කුළුබඩු වර්ගවලින් ප්‍රණීත ආහාර වර්ග නිෂ්පාදනයට ශ්‍රී ලංකාව සතු සූප ශාස්ත්‍රීය ප්‍රවීණත්වය ඉස්මතු කරමින් මෙරට ආහාර පිළිබඳව ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ ඉහළ පිළිගැනීමක් ලබා දීම Treats of Ceylon හි අරමුණයි. වසර ගණනාවක් මහන්සියෙන් සහ කැපවීමෙන් වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස lassana innovations විසින් Treats of Ceylon සන්නාමය හරහා එම සිහිනය සැබෑ කරගෙන ඇත.
ඉහළ ගුණාත්මක ප්රමිතීන් සහතික කිරීමේ අරමුණ සහිතව දේශීය ගොවීන්ගෙන් ලබාගන්නා අමුද්‍රව්‍ය භාවිතයෙන්, අති නවීන පහසුකම් යටතේ Treats of Ceylon සන්නාමය යටතේ වන සියලුම නිෂ්පාදන සිදු කරනු ලබයි. Treats of Ceylon නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි ජාත්‍යන්තර ප්රමිතීන් යටතේ සිදු කරනු ලබන නිසාම එය විශේෂයෙන් ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වී ඇත. ප්‍රධාන වශයෙන් මෙම නිෂ්පාදන මැද පෙරදිග, අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් වෙත අපනයනය කරන අතර lassana.com සහ Lassana Flora වෙළෙඳසැල් හරහාත් එම රටවල සුපිරි වෙළෙඳසැල් ජාලය හරහාත් රට පුරා බෙදාහැරීම් සිදු වේ.
2024 දෙසැම්බර් 20, ප.ව. 3:48
2024 දෙසැම්බර් 20, ප.ව. 3:38
2024 දෙසැම්බර් 19, ප.ව. 4:13
2024 දෙසැම්බර් 19, ප.ව. 3:42
2024 දෙසැම්බර් 19, ප.ව. 3:36