hit counter

2026 මැයි මස 15 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 8:02



පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදයට පෙර ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් හෙට පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01 දී පෙරවරු 8.30 ට පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශගතව සිටින නිසා අගමැති දිනේශ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්වෙනවා.

මේ සඳහා ආණ්ඩුපක්ෂ මැති ඇමතිවරුන්ගේ පැමිණීම අනිවාර්ය කර ඇති බවද වාර්තාවෙනවා.

මේ අතර පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය සාකච්චා කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 2.30 ට කමිටු කාමර අංක 01 හිදීම තවත් විශේෂ සාකච්චාවක් පැවැත්වීමට නියමිත බවද වාර්තාවෙයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: