hit counter

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 9:24



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකාවක් වූ එම පක්ෂ මුලස්ථානයේ කාන්තා සංවිධාන කාර්යාලය භාරව කටයුතු කල ජේෂ්ඨ නිලධාරිණිය ඉන් ඉවත් වී තිබෙන බව නෙලුම් මාවත පක්ෂ කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඇය කාර්යාලයේ සිදු කරන කටයුතු ගැන සැක සහිත යැයි පවසා පසුගිය සතියේ දිනයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු ගොස් අදාළ නිලධාරිනියගේ කාර්යාල කාමරය සහ සියලු ලිපි ගොනු ඔවුන් සන්තකයට ගෙන ඇති බවද වාර්තාවේ.

මම මේකේ තොරතුරු කාටවත් දෙන්නේ නෑ,මම කොහෙවත් යන්නෙත් නෑ,යනවනම් මම කියල යන්නේ“යැයි ඇය පවසා ඇති අතර ඒ අවස්ථාවේ සිදුවූ බහින් බස් වීමක් දුර දිග ගොස් ඇය නැවත නොපැමිණෙන බව පවසා නෙලුම් මාවත කාර්යාලයෙන් පිටව ගොස් ඇත.

එම නිසා මේ වන විට නෙලුම් මාවත කාර්යාලයේ කාන්තා සංවිධාන කාර්යාලයට ඉබි යතුරු දමා ඇති බවද වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: