2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:01
            
ගුරුවරයකු ලෙස පෙනී සිටිමින් ජංගම දුරකථනය හරහා ලිංගික අවයව පිළිබඳ පාසල් දැරියන්ගෙන් විමසීම් කළ දෙදරු පියකු අත්අඩංගුවට ගත් බැව් පිටිගල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරළුහේන, ගංඉම ප‍්‍රදේශයේ පදිංචි 29 වැනි වියේ පසුවන අයෙකි.
මෙකී පුද්ගලයා පාසල් දැරියන්ගේ දුරකථන අංක සොයාගෙන සිය ජංගම දුරකථනය මගින් කතාකොට සෞඛ්‍ය පාඩමක් උගන්වන මුවාවෙන් ලිංගික අවයව පද්ධති පිළිබඳ විමසා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙකී පුද්ගලයාට එරෙහිව පාසල් දැරියන් 06 දෙනකු විසින් පොලිසියට පැමිණිලිකොට ඇති බවද පොලිසිය කියයි.
මින් පාසල් දැරියන් 04 දෙනකු පිටිගල පොලිසියට හා තවත් දැරියන් දෙදනකු මේ පිළිබඳ කරන්දෙණිය පොලිසියට පැමිණිලිකොට ඇත.
ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු පාසල් දැරියන්ට කතාකොට ස්ත‍්‍රී හා පිරිමි ලිංගික අවයව පද්ධති පිළිබඳ විමසා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකාර පුද්ගලයා සිය බිරිඳගෙන් දික්කසාද වී ඇති පුද්ගලයකු බවද අනාවරණය වෙනවා.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. පිටිගල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. මහේෂ් කරුණාරත්න මහතා ඇතුළු නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25