2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:05
            
රූමත් 17 හැවිරිදි තරුණියක සමග ලිවින්ටුගෙදර් ක‍්‍රමයට පවුල් කමින් ඇයව තවත් පුද්ගලයන්ට රුපියල් 3500 වැනි මුදලකට විකුණමින් මුදල් ඉපයූ තරුණයකු සහ කීප අවස්ථාවක ඇයව ඒ අන්දමින් මිලදීගත් පාසල් සිසුන් දෙදෙනකුද සැකපිට අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල, ඒකල ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියතුව සිටි 22 හැවිරිදි තරුණයකු සහ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ 19 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.
සිද්ධියට මුහුණ පා ඇත්තේ පිය සෙනෙහස අහිමිවූ කඩයප්පන් විකුණා රැකුණ මවකගේ රැකවරණය යටතේ සිටි 17 හැවිරිදි ඇඟලූම් සේවිකාවක් බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ 17 හැවිරිදි තරුණිය ඇඟලූම් කම්හලක සේවය කරමින් සිටියදී 22 හැවිරිදි ප‍්‍රධාන සැකකරු සමග පෙමින් වෙළී ඇති අතර පසුව ඇය තම පෙම්වතා සමග ඒකල කුලී නිවසක සිට එකට පවුල් කෑමට පටන් ගෙන ඇති බව වැඩිදුර පරීක්ෂණ කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
ඇය විසින් පොලිසියට ලබාදී ඇති කටඋත්තරයේ සඳහන් වන පරිදි, ටික කලකින් පසු තමාගේ පෙම්වතාගේ බලකිරීම මත ඇයට වෙනත් පුද්ගලයන් සමගද ලිංගිකව හැසිරීමට සිදුව ඇත. තම සැමියා විසින් තමා එක් එක් ස්ථානවලට රැගෙන යන අතර යතුරුපැදිවලින් පැමිණෙන විවිධ පුද්ගලයන් තමන්ව රැගෙන යන බවද ඇය සඳහන් කර ඇත. මෙසේ කාලය ගෙවී යද්දී තමා ගැබ්ගෙන ඇති බව වැටහීමෙන් අනතුරුව පෙම්වතා විසින් ඇයව හැකි ඉක්මනින් කසාද බඳිනවා යැයි පවසා ඇගේ මවට භාරදී ඇත.
මසක කාලයක් තුළ එක්දිනක් වත් තම පෙම්වතා තමා බැලීමට නොපැමිණි නිසා තමාට ඔහු සොයා යෑමට සිදුවූ අතර එහිදී ලද තොරතුරු මත ඔහු දරුවෙකුද ඇති විවාහකයෙකු බව දැන ගැනීමට ලැබුණ නිසාත්, ඔහු සිටින තැනක් සොයා ගැනීමට බැරිවූ නිසාත්, තමාට සිදුවී ඇති අසාධාරණයට පිහිට පතා තමා ජාඇල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25