2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 9:09
            
මේනක තමන් ලද ආදරය සතුටින් විඳිමින් සැහැල්ලුවෙන් ජීවත් විය.
නමුත් ඔහු සමඟ බෝඩිමේ හිටි දුමින්දගේ කතාව නම් ප්‍රශ්න වැලකින් පිරී තිබුණත් වෙනදා මෙන් ඒවාට සවන් දීමටවත් උත්තර දීමටවත් මේනකට වෙලාවක් නොවීය.
“මං තව දවස් දෙකකින් ගෙදර යනවා බං බෝඩිමෙන් අයින් වෙලා,උඹට කලින් කියන්න හිටියේ,ඒත් වෙලාවක් සෙට් වුනේ නෑ”.රාත්‍රී ආහාර ගන්න ගමන් ලද වෙලාවකදී දුමින්ද මේනකට කිව්වේය.
“ඇයි බං ඒ..උඹට මෙහෙ හොඳ නැද්ද ?මොකද එකපාරටම ගෙදර යන්නෙ? එතකොට ජොබ් එක..? “
“ගෙදර වැඩ වගයක් තියනවා බං,මෙහෙ ඉඳං ඒවා කරන්න අමාරුයි,ගෙදර ඉඳන් ජොබ් එකට යන්න කියලා බැලුවේ.”
දුමින්ද ඒ විදියට සරලව මේනකට උත්තර දුන්නත් ඇතුලාන්තයෙන් ඔහු ප්‍රශ්න ගොඩකින් දැවෙන බව මේනක දැනගෙන උන්නේය.
නමුත් කිසිවක් හාරා ඇවිස්වීමට ඔහුට අවශ්‍ය නොවීය.
දු
මින්ද හොඳ මිතුරෙකි.
බෝඩිමේ ඔහු සමඟ ලඟින්ම සිටි මිතුරාය.
ඔහු මෙලෙස හැර යාමෙන් මේනක පත්වන අසීරුතාවය වුයේ හංසි හැරුණුකොට වෙනත් ලඟම කියා කවුරුත් නොසිටීමය.
කොළඹ ගෙවන අමාරු ජීවිත ඇතුලේ තමන්ට කියා ලඟම කෙනෙක් නොසිටීම නම් ඇත්තටම කණගාටුවකි.
දුමින්දව වැලැක්වීමට මේනකට නොහැක.
බෝඩිමේ තනිව ගෙවන ජීවිතයකයට හුරුවන්නට පමණක් ඔහුට සිදුවිය.
“මං ගියා කියලා උඹට තනියක් නෑනෙ,රෑට ඇවිල්ලා නිදාගන්න එකනෙ බං,හංසි ඉන්නවානේ කතා කරන්න ඕනා වෙලාවක,උඹට දැන් මෙහෙ තනි නෑ,ඒ කෙල්ල ඕනා දේකට උඹත් එක්ක ඉන්නවනේ.”
“ඉඳලා හිටලා වරෙන් මේ පැත්තෙ අපිව බලලා යන්න“මේනක දිගු හුස්මක් හෙළමින් කිවේය.
විශ්වවිද්‍යාලයේ තිබූ සාදයෙන් පසුව නැවත හංසිව මුනගැහෙන්නේ දින දෙකකට පසුවයි.
“ගුඩ් මෝනිං… සොරි එන්න ටිකක් පරක්කු වුනා,ගොඩාක් වෙලාද ඇවිල්ලා ඔයා..?“හංසිගේ මේනකට ලන්වෙනවාත් සමග ඇසුවේය.
“නෑ මාත් දැන් ආවේ,එදා රෑ නංගි කතා කරා ඔයාව බෝඩිමට ඇරලෙව්වාට පස්සෙ.“
“ඔව් අයියේ.. නංගි මං ගැන හොඳට හොයනවා,මට කිව්වා ඔයාට කතා කරා කියලා. එයා ඔයාට ගොඩාක් කැමතිය, හැමතිස්සෙම ඔයාගෙ හොඳ කියනවා,ඔයා මට ගොඩාක් ආදරෙයිලු”මේනකගේ අත කොනිත්ත කන ගමන් හංසි කිවේ මද සිනහවකිනි
“ම්ම්.. නංගිට තේරෙනවනෙ මං අක්කට ගොඩාක් ආදරෙයි කියලා,ඒ ඇති.”
“මාත් එන්නද අද ඔයත් එක්ක ඔෆිස් යන්න,ආසයි බලන්න ඔයා වැඩ කරන තැන.“
“ආ මං එක්කන් යන්නම්කෝ වෙලාවක,දැන් ඔයාගේ එක්සෑම් ලඟයි නේද ? පාඩම් කරන්න ගත්තද දැන් ?”
“ඕං පටන් ගත්තා මං අකමැති මාතෘකාවක්,යන්න යන්න ඔයාට දැන් පරක්කු වෙනවනෙ,අපි ඔය ගැන පස්සෙ කතා කරමු.”
විභාගය ගැන ඇසූ පමණින් කතාව වෙනස් කර මේනකව පිටත් කර හරින්නට හංසි සූදානම් වූවාය.
ඇස් තවම ආදරෙන්….
මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා.එහි තිස් හය වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ තිස් හත් වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25