hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 06, පෙ.ව. 12:08



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

 සුදත්ත සිය යූටියුබ් නාලිකාවේ මේ විදිහට කරුණු කියා තිබුණා.

‘සෝමරත්න දිසානායක කියලා තිබුණා. රෝහලට අරන් ආවට පස්සෙ, විශේෂඥ වෛද්‍යවරයෙකුට මේක භාරදීලා තියෙන්නෙ, ඊට පස්සෙ කුමාරි අක්කේ ඔයාගේ සහෝදරයෙක් ඉන්නවා එංගලන්තෙ හරි කොහේ හරි… ඔහුට කතා කරලා, ඔහු විසින් නිර්මාණය කරපු වෛද්‍යවරු කිහිපයක් තමයි ප්‍රතිකාර කරන්නෙ. ඔබේ බලපෑම් එතැනට ඇවිත් තියනවා. ඔයාලා හිතන් ඉන්නවනේ රාජපක්ෂලාට වගේ ඔබටත් බලයක් තියනවා කියලා. දරුවෝ නම් පවු ඉතින්….’

‘කුමාරි මුණසිංහට මං කියනවා, අපි දන්නවා, හැමදේම…. ඔබ කිවුවට මගෙන් විසබීජයක් ගියා කියලා. මම ගියේ නම් නාලා කරලා. ආදරණීය කුමාරි අක්කේ ජැක්සන්ට කොයි තරම් විසබීජයක් වුණාද ඔබ? කොපමණ දේවල් ඔබ ජැක්සන්ට ජීවිතේ කරලා ඇද්ද? ඒවාටත් උත්තර දෙන්න‍… විසබීජේ කවුද කියන එක සමාජයට බාරයි…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: