2023 නොවැම්බර් 13, පෙ.ව. 8:55
ලබන වසර සඳහා වන අයවැය වාර්තාව අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එම නිසා පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තාවේ.
අද දහවල් 12.00 ට ඇමතිවරයා ලෙස වික්‍රමසිංහ මහතා මෙරට 78 වන අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙවර අයවැයෙ හි ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326ක් වන අතර පුනරාවර්ථන වියදම් ලෙස රුපියල් බිලියන 5,334ක් වෙන්කර තිබෙනවා.
එමෙන්ම ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1,225ක් වෙන් කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය පිළිබඳ විවාදය හෙට දිනයේ සිට ලබන 21 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දින පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වැනි දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 13 වන දින පස්වරු 6ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25