hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 16, ප.ව. 3:47



ලිංගික අධ්‍යාපනය නිවැරදිව ලබාදීම සඳහා නව විෂය නිර්දේශයක් සම්පාදනය කර තිබෙන බව වාර්තා වනවා.

වයස් කාන්ඩ අනුව එම විෂය නිර්දේශය සකස් කර ඇති බවයි, ළමයින් සඳහා පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සංසදයේ සභාපති රෝහිණී විජේරත්න මහත්මිය පැවසුවා.

ඇය‌ පෙන්වාදුන්නේ, දරුවන්ට ලිංගික අධ්‍යාපනය නිවැරදිව නොලැබීම නිසා ගැටළු රැසක් මේ වන විට පැනනැගී ඇති බවයි.

මේ අතර, ළමයින් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය සහ ළමයින්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ළමා අපයෝජනය පිළිබඳ ගැටළු විසඳීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කර තිබෙනවා.

එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් ළමා අපයෝජනය අවම කිරීමට සහ පාලනයට ප්‍රායෝගික අවස්ථාව ලැබෙන බවයි, රෝහිණී විජේරත්න මහත්මිය පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: