2023 දෙසැම්බර් 03, පෙ.ව. 12:08
ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළයෑමත් සමඟ ඩෙංගු බෝවන ස්ථාන බහුලව දක්නට ලැබෙන අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 54ක් වසංගත රෝග විද්‍යා අංශය විසින් හඳුනාගෙන තිබෙනවා.
මෙම ප්‍රදේශවලින් බහුතරයක්, පළාත් අනුව වැඩිම රෝගීන් වාර්තා වී තිබෙන බස්නාහිර පළාත නියෝජනය කරන අතර, වාර්තා වී ඇති රෝගීන් ගණන 36,076ක් වෙනවා.
දෙසැම්බර් 01 වැනිදා වන විට 2023 වසරේ මේ දක්වා රෝගීන් 76,846ක් වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව 16,257ක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
තවද, නොවැම්බර් මාසයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,995ක් වූ අතර, එය මාස හතරක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.
වසංගත රෝග විද්‍යා අංශයට අනුව, ජූලි මාසයේ මුළු රෝගීන් 7,369ක් වාර්තා වී ඇති අතර එය නොවැම්බර් මාසයේ වාර්තා වූ රෝගීන් අභිබවා ගොස් තිබෙනවා.
මේ අතර, 2023 ජනවාරි සිට ඩෙංගු මරණ 46ක් වාර්තා වී ඇත.
2026 මැයි 01, ප.ව. 2:03
2026 මැයි 01, ප.ව. 1:59
2026 මැයි 01, ප.ව. 1:54
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:19
30-04-26
30-04-26
29-04-26
29-04-26
23-04-26
23-04-26
20-04-26
20-04-26
17-04-26
17-04-26
14-04-26
14-04-26
12-04-26
12-04-26
09-04-26
09-04-26
07-04-26
07-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
02-04-26
02-04-26