hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:03



නීතිවිරෝධි මත්පැන් සමාජගත වීම වැළැක්වීම, සුරාසල් විවෘත ව තැබෙන වෙලාවන් සංශෝධනය කිරීමේ එක් අරමුණක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (09) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත ව තැබෙන වෙලාවන් සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තා.

ඊයේ (09) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මේ බව පැවසුවා.

“සෑම අවස්ථාවකම අපි උත්සාහ කරනවා නියමිත ප්‍රමිතියෙන් යුතු මත්පැන් පමණක් නියමිත නිත්‍යනුකූල සැපයුම් ක්‍රම ඔස්සේ එම පාරිභෝගිකයින්ගේ අතට පත්වීමට ඇති හැකියාව වැඩි කරන්න. ඒ අනුව නීති විරෝධි කර්මාන්තයේ දැනට අපිට දකින්ට තිබෙන පිබිදීම අඩු කරන්නටත් ඒ වගේම නීති ක්‍රියාත්මක කිරීමේ කටයුතු වර්ධනය කරමින් හැකිතාක් දුරට එම කර්මාන්තය මුලින් උපුටා දැමීමටත් කටයුතු කරන්න. ඒ අපේක්ෂාවෙන් තමයි මේ නව වෙලාවන් සංශෝධනය කරලා තියෙන්නේ. “.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: